පාසල් බිමේ නිදන් හෑරු විදුහල්පති පැන යයි – සැකකරුවන් 4ක් බඩුත් එක්ක මාට්ටු

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 5

බිබිල මැදගම මොනරවාන විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායමක් අද(24) උදෑසන පාසල් භූමියේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් නිදානයක් හාරමින් සිටි අතර ඒ පිළිබද මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාට ලද තොරතුරක් මත ඔහු විසින් යෙදවූ පොලිස් කණ්ඩායමක් මගින් එම පිරිස හා යන්ත්‍රෝපකරණ සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ විදුහල්පතිවරයා හා එයට සම්බන්ධ මැදගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන මැදගම පොලිසියේ රඳවා තබා තිබෙනවා.

ඔවුන් අමුණේකදුර, වැලිපැන්න හා බලපිටිය ආදි ප්‍රදේශ වල පදිංචි අය බවයි පොලිසිය පවසන්නේ.

පැන ගිය විදුහල්පතිවරයා හා ව්‍යාපාරිකයා සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතාගේ උපදෙස් පරිදි මැදගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මෙම විදුහල්පතිවරයා මීට පෙරද වැසිකිලි වලවල් හාරන මුවාවෙන් නිදන් හෑරිමට උත්සාහ දැරූ අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

You might also like
Comments
Loading...