සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කරයි

0 22

දැනට ක්‍රියාත්මකව පවතින දිවයිනටම ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස හත් වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ හෙට(25) දිනයේදී යම් ළිහිල් කිරීමක් සිදු කරන බවත් ඒ නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීමට බවත් වාහන පාවිච්චි කිරීමට නොහැකි බවත්ය.

මේ අතර මැයි 31 වන දින සහ ජුනි 4 වනදා යන දිනවලදී නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආසන්නතම වෙළෙඳ සැලට යාමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එසේම ජංගම වෙළෙඳ සේවාවද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.

එම නිසා පසුගිය කොවිඩ් පළමු රැල්ලේදී ක්‍රියාත්මක වූ ජංගම සේවා සපයන වෙළෙඳුන්ට එම සේවාව ලබාදෙන ලෙසට අමාත්‍යවරයා ආරාධනා කර සිටියා.

 

You might also like
Comments
Loading...