ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ කොටස් දෙකක් හුදකලා කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 12

ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල අද (25) දින සිට හුදකලා කල බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පවසනවා.

ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 43 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගත් බවත්, එම ආසාදිතයන් 43 දෙනා අතර, ආසාදිතයන් සිව් දෙනෙකු ඩයගම රජයේ සත්ව ගොවිපලට යාබදව පිහිටි සන්දිරිගම වතු යායේ පදිංචිකරුවන් බවත්, ආසාදිතයන් සිව් දෙනා ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවය කරන අය බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

ඩයගම රජයේ සත්ව ගොවිපලේ ගවයන් 700 දෙනෙකු පමණ ඇති කරන අතර, එම  සතුන්ගේ දෛනික කටයුතු සඳහා බාධාවක් නොවන සේ එම ගොවිපොල හුදකලා කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

ඩයගම රජයේ සත්ව ගොවිපොල හුදකලා කිරීම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා, ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍යයවරයා සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පසුගිය 23 දින එම ගොවිපලට ගොස් ගොවිපලේ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර ගොවිපල සහ ඊට යාබදව පිහිට සන්දිරිගම වතු යාය හුදකලා කිරිමට තිරණය කර තිබෙනවා.

හුදකලා කර ඇති ඩයගම රජයේ සත්ව ගොවිපලේ දෛනික කටයුතු රජයේ වෙනත් සත්ව ගොවිපොලවල්වල සේවකයින්ගේ සහයෝගය ලබාගෙන සිදු කරගෙන යාමට ඩයගම රජයේ සත්ව ගොවිපලේ පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

You might also like
Comments
Loading...