ඉහල කොත්මලේ වාන් දෙරටු 3ක් විවෘත කරයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 12

ඉහල කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (24) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පවසනවා.

එම ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටින්නේ.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාව ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ සහ ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.

You might also like
Comments
Loading...