ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

0 6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද(25) පස්වරුවේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ ඩකා නුවරදීයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලදේශ කණ්ඩායම අතර පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 33කින් ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූවා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු හයකට ලකුණු 257ක් ලබාගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.1කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.

එම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක්ද, මහ්මදුල්ලා ලකුණු 54ක්ද ටමිම් ඉක්බාල් ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා කඩුලු තුනක්ද දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත්වූවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 48.1කදී ලකුණු 224ක් පමණයි.

ඊට වනිඳු හසරංග ලකුණු 74ක්ද කුසල් පෙරේරා ලකුණු 30ක්ද එක් කරනු ලැබුවා.

එසේම ධනුෂ්ක ගුණතිලකට සහ ඉසුරු උදානට ලකුණු 21 බැගින් ලබාගැනීමට හැකියාව ලැබුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ Mehidy Hasan Miraz කඩුලු හතරක්ද Mustfizur Rahman කඩුලු තුනක්ද මොහම්මඩ් සයිෆිඩ්ඩින් කඩුලු දෙකක්ද ශකිබ් අල් හසන් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

You might also like
Comments
Loading...