ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලකුණු 247ක ඉලක්කයක්

0 12

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 48.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබාගැනීමට සමත් වූවා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු 127කදී ලකුණු 125ක් ලබාගැනීමට මුෂ්ෆිකර් රහීම් සමත් වූවා.

මහ්මුඩුල්ලහ් ලකුණු 41ක්ද ලින්ටන් දාස් ලකුණු 25ක්ද ලබාගැනීමට සමත් වූවා. සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සහ දුෂ්මන්ත චමීර කඩුලු තුන බැගින්ද ඉසුරු උදාන කඩුලු දෙකක්ද වනිඳු හසරංග එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 32ක් ලබාගෙන සිටිනවා.

දැවී ගිය ක්‍රීඩකයා වන්නේ ලකුණු 14ක් ලබා සිටි නායක කුසල් පෙරේරායි.

නොදැවී පන්දුවට පහර දෙන ධනුෂ්ක ගුණතිලක ලකුණු 12ක්ද පැතුම් නිශ්ෂංක ලකුණු 6ක්ද ලබා සිටිනවා.

තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දුවාර 41කදී ලකුණු 215ක් ලබාගත යුතු වනවා.

තරගයේ සජීවි ලකුණු සටහන පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...