යාස් දරුණු වෙයි – ප්‍රදේශ රැසකටම තද වැසි

0 4

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වුණ යාස් සුළි කුණාටුව මේ වෙන කොට චණ්ඩ කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ නිසාම දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි වගේම දැඩි සුළං ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කලුගග ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට තද වැසි ඇති වීමත් සමඟ රත්නපුර, කුරුවිට , කිරිඇල්ල, අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.

ජනතාව මේ කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

අධික වර්ෂාවත් සමඟ රත්නපුර නගරය හා තවත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙමින් පවති.

රත්නපුර පොලීසිය ඉදිරිපිට කොටස හා සීවලි ක්‍රීඩාංගනයේ කොටසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

තවද ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීමත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.

සෙන් ක්ලෙයාර් හා ඩෙවොන් දියඇළිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් කහ, ඇම්බර් සහ රතු වර්ණයන්ගෙන් නිකුත් කර තිබෙනවා.

එලෙස නිකුත් කර ඇති සවිස්තරාත්මක නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...