පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා පතුරම් රඳවන 2ක් මුලතිව්වලින් සොයාගනී

මාධව කුලසූරිය - වවුනියාව

0 8

මුලතිව්, චලෙයි, වලංචර්මඩම ප්‍රදේශයේ තිබි අත්බෝම්බ තුනක්, පතුරම් රඳවන දෙකක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ඊයේ(24) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත කැළැවක සඟවා තිබු අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවු බවයි.

එල් ටි ටි සංවිධානය නිෂ්පාදිත තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බ තුනක් හා පතුරම් මැගසින් රඳවන දෙකක් එලෙස සොයාගත් බවද පොලිසිය පැවසූහ.

පොලිසිය පැවසූවේ යුධ සමයේ එල් ටි ටි සංවිධානය නැවත ගැනීමේ අරමුණින් සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය එලෙස සොයාගැනීමට හැකිවු බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් නිෂ්ක්‍රීය කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

You might also like
Comments
Loading...