මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල තද වැසි සහ සුලං

කෙසෙල්ගමුඔය පිටාර ගලයි / රංජිත් රාජපක්ෂ - හැටන්

0 6

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (24) දින සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආපදා රැසක් සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

වටවල පොලිස් වසමට අයත් හුදකලා කර ඇති වැලිඔය වත්ත පහල කොටසේ වතු නිවාස පේලියක් මතට පස් කන්දක් සමග ගල් කිහිපයක් ඊයේ (24) දින පස්වරුවේ පෙරලිමෙන් නිවාස දෙකට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය (24) දින රාත්‍රියේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...