කොවිඩ් 19 ආසාදිත තවත් ආසාදිතයන් 1808 දෙනෙක් අද(25) පස්වරුවේ තහවුරු කර ගැනුණු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 168,980වක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඉන් මේ වන විට ආසාදිතයන් 141,175 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 26,562 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1243ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Hits: 1