කොවිඩ් මඩින්න යුධ හමුදා කාන්තා යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක්

මාධව කුලසූරිය - වවුනියාව

0 77

කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ විශේෂිත කාන්තා නිළධාරී යතුරුපැදි බලඝනය ස්ථාපිත කර තිබෙනවා.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා හත්වන කාන්තා බලකායේ කාන්තා යුධ හමුදා නිළධාරියන්ගෙන් විශේෂිත කාන්තා යතුරුපැදි බළකාය ස්ථාපිත කොට ඇති බවයි.

යුධ හමුදා හත්වන කාත්නා බලකායේ මේජර් රශ්මි ගල්හේන මහත්මියගේ මෙහෙයවීම යටතේ කාන්තා යතුරුපැදි බලකාය ක්‍රියාත්මක වේ.සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, හදිසි මාර්ග බාධක යොදා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකරන පිරිස් අත්අඩංගුවට ගැනීම නව යතුරුපැදි බලකාය ස්ථාපිත කිරීමේ අරමුණ වන බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය  පවසනවා.

විශේෂිත කාන්තා යතුරුපැදි බලකාය මැයි මස 25 වැනිදා සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පවසන්නේ.

You might also like
Comments
Loading...