පැති බිත්තියක් කඩා වැටීමෙන් වතු නිවාස 2කට බරපතල හානි

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 2

නොර්වුඩ් පොලිස් වසමට අයත්, හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හෝම් තේ වතුයායේ, කර්මාන්තශාලා කොටසේ වතු නිවාස පේළියක  පිහිටි විශාල පැති බිත්තියක් අද  (27) දහවල්  කඩා වැටීමෙන් නිවාස 02 කට බරපතල හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

වතු නිවාස 20 කින් සමන්විත අංක 13  නිවාස පේළියේ පැති බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.

Read Also This News : ජනපතිගෙන් අති විශෙෂ ගැසට් නිවේදනයක්

හානියට පත් නිවාස දෙකේ පදිංචි සාමාජිකයින් 12 දෙනෙක් අවතැන්ව සිටින අතර ඔවුන්  එම වතුයායේ හින්දු කොවිල් ශාලාවේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින බව වතු පාලනාධිකාරි පවසනවා.

ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග මෙම පැති බිත්තිය කඩා වැටුණ බව අනතුරට පත් නිවෙස් වල සාමාජිකයින් කියා සිටියා.

තවදුරටත් වර්ෂාව පැවතුනහොත් එම නිවාස පේළියේම තවත් නිවාස 05 ක් අවදානම් තත්ත්වයේ පවතින නිසා ඔවුන් ආරක්ෂක ස්ථානයකට යොමු කරන ලෙස එම නිවාසවල පදිංචිකරුවන් වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනවා.  

අවතැන්වූවන් සඳහා අවශ්‍ය පිසූ හා වියළි ආහාර ලබාදීමට කටයුතු කරන  බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගෝවින්දන් සෙම්බගවල්ලි මහත්මිය කියා සිටියා.

You might also like
Comments
Loading...