අයහපත් කාලගුණයෙන් මාතලේ වගා රැසකට හානි

එලවළු මිලත් ඉදිරියේ දී ඉහල යන ලකුණු / ඉන්දික අරුණ කුමාර - නාඋල

0 13

මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වගා බිමි රැසක එළවලු වගාවන්වලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ගොවි සංවිධාන කියා සිටිනවා.

පසුගිය දින කිහිපයේද දැඩි සුළං සහිත මද වැසි සහ වරෙක ඇදහැලෙන දැඩි වර්ෂා තත්ත්වයන් හමුවේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බැවි ඔවුහු කියා සිටින්නේ.

වාර්ෂිකව වෙසක් සමයේ ඇතිවන සුළං තත්ත්වය අභිබවමින් මෙවර ඇති වී ඇති සූළං ධාරාවන්ට ඔරොත්තු දීමට නොහැකි වගා රැසක් මේ වන විටත් විනාශ වී ඇති බව කියා සිටින ගොවින් අවධානය කර සිටින්නේ මේ තත්ත්වය හමුවේ ඉදිරියේ දී මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු මිලෙහි දැඩි වර්ධනයක් ඇති විය හැකි බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවලු තොග සපයන නාඋල – අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විටත් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බෝංචි, කරවිල, දඹල, වැටකොළු ආදී ආධාරක ආශ්‍රිතව සිදුකර ඇති වගා රැසක් විනාශ වී ඇති බවයි.

මීට අමතරව කුඩා භූමිවල ඇති පොල්, කෙසෙල් ආදී බෝගවලට සුළගින් හානි සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියා.

 

You might also like
Comments
Loading...