අදත් කොවිඩ් 19 ආසාදිතයන් 2584ක්

0 41

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදිත රෝගීන් 2584 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව අද දිනයේදී හමුවූ ආසාදිතයන්ගෙන් ආසාදිතයන් 2572 දෙදෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෙසු ආසාදිතයන් පිරිස විදේශිකයන් සහ විදේශගතව සිට දිවයිනට යළි පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වන පිරිස් අතරින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 174,861ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයන් 29,774 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298ක්.

අදත් කොවිඩ් 19 ආසාදිතයන් 2584ක්

You might also like
Comments
Loading...