කොවිඩ් ආසාදිත මරණ 27 – ඉන් 4ක් අද – සමස්ත මරණ 1300 ඉක්මවයි

0 44

කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් අද(27) දිනයේ තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එසේම මැයි මස 22 වනදා සිට මැයි මස 26 වනදා දක්වා තවත් කොවිඩ් මරණ 23ක් සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1325ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැයි මස 22 වන දින සිදු වූ මරණ 12ක්ද 23 වන දින සිදු වූ මරණයක්ද මැයි මස 24 වන දින සිදු වූ මරණ දෙකක්ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

එසේම මැයි මස 25 වන දින සිදු වූ මරණ හතක්ද මැයි මස 26 වන දින සිදු වූ මරණ 12ක්ද වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එලෙස අද(27) දිනයේ නිවේදනය කරනු ලබන මරණ 27 අතුරින් මරණ 14ක් කාන්තාවන් වන අතර සෙසු පිරිස පිරිමි අයවළුන් වනවා.

එලෙස වාර්තා වූ මරණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.

කොවිඩ් ආසාදිත මරණ 27 - ඉන් 4ක් අද - සමස්ත මරණ 1300 ඉක්මවයි කොවිඩ් ආසාදිත මරණ 27 - ඉන් 4ක් අද - සමස්ත මරණ 1300 ඉක්මවයි කොවිඩ් ආසාදිත මරණ 27 - ඉන් 4ක් අද - සමස්ත මරණ 1300 ඉක්මවයි

You might also like
Comments
Loading...