කළුතර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105ක් කොවිඩ් ආසාදිත වෙයි

0 7

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින් මේ බව තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. .

ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියා.

එලෙස තහවුරු වූ ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ (28) දිනයේදීම යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණා.

You might also like
Comments
Loading...