අගමැති උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකවකට එක්වෙයි

0 11

X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.

නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

සහන සැලසීම සැලැස්මකට අනුව සිදු කළ යුතු බවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාට දන්වා තිබෙනවා.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි ආපදාවන්වලට මුහුණදීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිල දී ගැනීමට කටයුතු කරන ලෙසයි.

සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලු දෙනාටම අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රණාමය පුද කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියා.

 

You might also like
Comments
Loading...