තලවකැලේ වතුයායක සහකාර වතු අධිකාරිවරයෙක්ට කොවිඩ්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 12

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ හොලිරුඩ් වතුයායේ ජෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වීම හේතුවෙන් එම වතු යායේ වතු අධිකාරිවරයා, තවත් සහකාර වතු අධිකාරිවරයෙකු සහ කාර්ය මණ්ඩලයේ 10  දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර වතු පාලන කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසනවා.

එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ කලමණාකරුට සහ සහකාර කලමණාකාරවරයා පෙර ආසාදිතයන් බවත්, ආසාදිත ජෙෂ්ඨ කලමණාකාරවරයාගේ බිරිදට සහ දරුවන් දෙදෙනාටද අද (29) දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද කේ. සුදර්ශන් මහතා කියා සිටියා.

වතු පාලන අධිකාරිය ස්වයං නිරෝධානයට යොමු කිරිම නිසා එම වතු යායේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවද කේ. සුදර්ශන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...