නව ආසාදිතයන් 2039ක් – ආසාදිතයන් 2029ක් සුවය ලබයි

0 17

කොවිඩ් 19 ආසාදිතයින් තවත් 2039 දෙනෙක් අද(29) දිනයේ මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 179,750ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතව සිටි ආසාදිතයන් 2029 දෙනෙක් සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතව සිට සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 148,391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ආසාදිතයන් 28000කට අධික පිරිසක් මේ වන විටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1363ක්.

අද(29) උදෑසන 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන්ගේ සංඛ්‍යාව 1694ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

You might also like
Comments
Loading...