මෙරට කොවිඩ් මරණ 1400 ඉක්මවයි

0 29

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1400 ඉක්මවා තිබෙනවා.

ඒ ඊයේ(29) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 42ක් තහවුරු කිරීමත් සමගින් සමස්ත මරණ සංඛ්‍යාව 1405ක් දක්වා ඉහළ යාමෙන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ හයක් වාර්තා වූ බවත් මැයි මස 14 වනදා සිට 28 වනදා දක්වා කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වූ බවත්ය.

ඒ අනුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද සමස්ත මරණ සංඛ්‍යාව 42ක්.

මැයි මස 14 වනදා මරණයක්, 19 වනදා මරණ දෙකක් 20 වදා මරණ්‍යක් සහ 21 වනදා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

මැයි මස 22 වනදා මරණ දෙකක්ද 23 වනදා මරණ තුනක්ද 26 වනදා මරණ දෙකක්ද 27 වදා මරණ 10ක් සහ 28 වනදා මරණ 10ක්ද වාර්තා වී තිබෙනවා.

වාර්තා වූ මරණ 42 අතරින් 13 දෙනෙක් කාන්තාවන් වන අතර සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

එලෙස වාර්තා වූ මරණයන්ගේ සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.

 

You might also like
Comments
Loading...