2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පත්‍රිකා භාගත කරගැනීමේ හැකියාව පවතිනවා.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටිනවා.
ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් පත්‍රිකාව පහතින් දැක්වේ.
Hits: 0