නාඋල යළි කෝවිඩ් රෝගින්ගේ වර්ධනයක්

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 41

මාතලේ – නාඋල පොලිස් බලප්‍රදේශයේ කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග යළි රෝගීන් වාර්තාවිමේ වැඩිවීමක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සිදුකරන ලද PCR පරික්ෂණවලදී ඊයේ (29) දින වන විට රෝගින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නාඋල – පෙතියාගොඩවත්ත ප්‍රදේශයෙන් රෝගීන් තිදෙනෙක්, නාඋල නගරයෙන් රෝගීන් සිව්දෙනෙක්, නිකුල ප්‍රදේශයෙන් රෝගීන් දෙදෙනෙක්, නාලියකනත්ත ප්‍රදේශයෙන් රෝගීන් දෙදෙනෙක් සහ සේනාගමින් රෝගීන් පස් දෙනෙක් අළුත් ආසාධිතයින් ලෙස ඊයේ(29) දිනය වන විට වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියේ.

මාතලේ දිස්ත්‍රික් වෛද්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව 2021-05- 28 දිනය වන විට මාතලේ දිස්ත්‍රික්කයේ  නාඋලින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව  271 කි.

දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 කි.

පවත්නා තත්ත්වය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි තවදුරටත් PCR පරික්ෂණ සිදුවන වන බවත් සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය පුරුදුවලට මුලිකත්වය දී කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නාඋල යළි කෝවිඩ් රෝගින්ගේ වර්ධනයක්

 

You might also like
Comments
Loading...