යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් කොවිඩ්වලින් මරුට

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 65

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් ඊයේ (29) රාත්‍රියේ මියගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි ශ්‍රීරංජනී ආනන්ද කුමාර්ස්වාමි මහත්මිය කිසියම් වෙනත් අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පසුගිය මැයි 12 වනදා සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව ඇය යාපනය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්ත්වය ක්‍රමයෙන් වැඩී වී ඊයේ (29) රාත්‍රියේ මියගිය බවයි යාපනය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

මේ අතර මිය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියගේ අවසන් කටයුතුද කොරෝනා නීතිවලට අනුව අද(30) දිනයේදී සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...