අවශ්‍යතා සහිත සියලු පුරවැසියන්ට ඉදිරි මාස 3 තුළ එන්නත් ලබාදෙනවා

0 3

රටෙහි අවශ්‍යතාවය සහිත සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදු කර ඇති බවත් එළැඹෙන 6 වැනිදා වන විට තවත් එන්නත් ලක්ෂ විස්සක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත්ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන් එනන්ත් කොටසක් මහනුවරට ලබාගැනීමට කටයුතු කරන බවයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

අවශ්‍යතා සහිත සියලු පුරවැසියන්ට ඉදිරි මාස 3 තුළ එන්නත් ලබාදෙනවා

You might also like
Comments
Loading...