UPDATE : නිවිතිගල බස් අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 35ක් වෙයි

0 37

නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් නිවිතිගල සහ වතුපිටිය ප්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කෙරුණු අතර ඉන් 26 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රාත්‍රී සේවා මුරය අවසන් කර යළි නිවෙස් වෙත යමින් සිටි තේ කර්මාන්ත ශාලාවකට අයත සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.


බසයක් අනතුරට – 15ක් රෝහලට [May 30, 2021 at 14:11]

රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීයාමෙන් අද(30) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වතු කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.

අනතුරෙන් එහි සිටි පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් නිවිතිගල, වතුපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ..

You might also like
Comments
Loading...