අදත් දෛනික ආසාදිතයන් 2859ක්

0 64

දෛනික කොවිඩ් ආසාදිතයන් 2859 දෙනෙක් අද(30) දිනයේදී ද මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඉන් ආසාදිතයන් 2849 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෙසු ආසාදිතයන් දස දෙනා විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 183,452ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ආසාදිතයන් 32,186 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිතව රෝහල්ගත සිටි රෝගීන් 149,825ක් සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.

එසේම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදත් දෛනික ආසාදිතයන් 2859ක්

You might also like
Comments
Loading...