කොවිඩ් 19 ආසාදිත මරණ 36ක් අද(30) දිනයේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඉන් මරණ හතක් අද(30) දිනයේදී සිදුව ඇති බවත් සෙසු මරණ 29, මැයි මස 02වනදා සිට 29 වනදා දක්වා සිදුව ඇති බවත්ය.
අද(30) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ සංඛ්‍යාවද සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද(30) දිනයේ මරණ හතක්, මැයි මස 02 වනදා එක් මරණයක්, මැයි මස 06 වනදා එක් මරණයක්, මැයි හත්වනදා එක් මරණයක්, මැයි 11 වනදා සහ 12 වනදා එක් මරණය බැගින් සිදුව තිබෙනවා.
එසේම මැයි මස 17වනදා එක් මරනයක් 19 වනදා මරණ දෙකක් 21 වනදා මරණයක් 24 වනදා එක් මරණයක් 25 වනදා මරණ 3ක් සහ 26 වනදා මරණ දෙකක් වාර්තා වනවා.
මැයි මස 27 වනදා මරණ තුනක් සහ 28 වනදා මරණ 5ක් වාර්තා වන අතර මැයි මස 29 වනදා වාර්තා වන මරණ සංඛ්‍යාව හයක්.
ඒ අනුව අද(30) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ අතර කාන්තාවන් 18 දෙනෙක් වනවා.
අද(30) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ පිළිබඳ සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.
Hits: 0