ගුවන් ගමන් තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

0 12

ගුවන් තොටුපොළ අද (31) දින දක්වා වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියා.

පසුගිය මැයි 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට දින 14ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළේ.

කෙසේ වෙතත් එම තහනම මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා අදාළ නොවෙනු ඇති.

You might also like
Comments
Loading...