හුදකලා කර ඇති බගවන්තලාවෙන් තවත් අසාදිතයන් 22ක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 18

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් අද (31) දින ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 22ක් හඳුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසනවා.

ආසාදිතයන් 22 පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර පසුගිය 25 දින සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණය අනුව එම 22 කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නව අසාදිතයන් 22 බගවන්තලාව නගර සිමාව, බොගවාන, කැම්පියන්, කිව් වතු යාය, වෙන්චර් වතු යාය, කර්කස්වොල් යන වතු යායවල්වල පදිංචිකරුවන් බවත්, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 526 දෙනෙකු හදුනාගෙන ඇති බවත්, කොවිඩ් මරණ 14 ක් මේ වන විට සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියා.

 

You might also like
Comments
Loading...