වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 10

කොරෝනා වෛරස අවදානම නිසා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් දැඩිසේ අසරණව සිටින වව්නියාවේ යාචක ජනතාවට ආහාර ලබාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කර තිබුණා.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩී.එම්.එච්.ඩී. බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව එහි යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් වව්නියාවේ සිටි සියලුම යාචකයින් සිටි ස්ථානයන් වෙතට ගොස් ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය ලබාදීමට පියවර ගැනුණි.

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් යාචකයින්ටද සැරිසැරීමට නොහැකිව වව්නියාවේ වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට නිරාහාරව දැඩි සේ අසරණව දිවිගෙවීමට සිදුව ඇති හෙයින් යාචක ජනතාවටද හැකි අයුරින් උපකාර කරන ලෙසට යුදහමුදාව ඉල්ලීමක්ද කරනු ලබනවා.

වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර වව්නියාවේ යාචකයින්ට යුදහමුදාවෙන් ආහාර

You might also like
Comments
Loading...