පැවැති ආපදා තත්ත්වයෙන් නාඋල පොදු දේපල රැසකට හානි

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 12

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසක පොදු සැපයුම් රැසකට දැඩි හානි සිදුව ඇතැයි නාඋල ප්‍රාදේශීය සභාව පවසනවා.

විදුලි රැහැන්, දුරකතන රැහන්, පොදු දේපල මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බව නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා කියා සිටියා.

පසුගිය දින කිහිපයේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකට දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විවිධ ආපදා සිද්ධි වාර්තා වූවා.

ප්‍රධාන වශයෙන් අතුරු මාර්ගවල පිහිටි විවිධ ගස් විදුලි රැහැන් පද්ධතිය මතට කඩා වැටීම් හේතුවෙන් විදුලිය බිද වැටීම් වරින් වර සිදුවු බවත්, සිය සේවකයින් යොදවමින් කඩා වැටුණු ගස් ඉවත් කිරිමේ කටයුතු දිවා රාත්‍රියේ දී සිදුකල බවත් මේ සම්බන්ධයේ අප කළ විමසීමක දී නාඋල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතා(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කියා සිටියා.

පැවැති ආපදා තත්ත්වය හමුවේ ලංකා විදුලි බලමණ්ඩලයේ රැහැන් පද්ධතිවලට හා ශ්‍රී ලංකා ටෙලිකෝම් රැහැන් පද්ධතිවලට සහ ප්‍රදේශ රැසක කොස්, පොල් ඇතුළු විවිධ ශාක රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.

පැවැති ආපදා තත්ත්වයෙන් නාඋල පොදු දේපල රැසකට හානි පැවැති ආපදා තත්ත්වයෙන් නාඋල පොදු දේපල රැසකට හානි

 

You might also like
Comments
Loading...