චන්මාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට

0 49

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනයක් අනුව ඔවුන් කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. 

කොළඹ තරු පහේ හෝලයේ ඊයේ(30) රාත්‍රීයේ පැවැති සාදයට පුද්ගලයන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇති බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී එලෙස පැමිණි පුද්ගලයන් 12 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසනවා. 

සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. 

එසේම අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියා. 

You might also like
Comments
Loading...