සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීති කඩ කළ බවට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ. ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත ඔවුන් මුදාහැර ඇති බවයි.
කොළඹ තරු පහේ හෝටලයකදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් ඊයේ(30) රාත්‍රී පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනුණා.
Hits: 0