පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇත්නම් රටට ඇතුළුවීමට අවසර නෑ

0 24

ගතවූ දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ඕනෑම අයෙකුට රටට ඇතුලුවීමට අවසර නොදීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

එරටින් මේ වනවිට හමුවී ඇති දෙමුහුන් කොවිඩ් වෛරස ප්‍රභේදය ඊට හේතුවයි.

මේ අනුව අද රාත්‍රී 12 සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමත් සමග වියට්නාමයේ සහ ඉන්දියාවේ සිට පැමිණෙන අය හැර අනෙක් ඕනෑම අයෙකුට දිවයිනට පැමිණිය හැකියි.

මේ අතර හෝචිමිං නගරයේ දැවැන්ත කොවිඩ් පරීක්ෂා ආරම්භ කිරීමට වියට්නාමය පියවර ගෙන තිබෙනවා.

ඒ නව ප්‍රභේදය ව්‍යාප්තවීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අංශ සඳහන් කලේ වාතයෙන් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවයි.

You might also like
Comments
Loading...