කොවිඩ් 19 ආසාදිත මරණ 43ක් ඊයේ(31) දිනයේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඉන් මරණ 4ක් ඊයේ(31) දිනයේදී සිදුව ඇති බවත් සෙසු මරණ 39, මැයි මස 20 වනදා සිට 30 වනදා දක්වා සිදුව ඇති බවත්ය.
ඊයේ(31) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ සංඛ්‍යාවද සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ(31) දිනයේ මරණ 4ක්, මැයි මස 20 වනදා මරණ 6ක්, මැයි මස 21 වනදා එක් මරණයක්, මැයි 24 වනදා එක් මරණයක්, මැයි 25 වනදා සහ 26 වනදා මරණ දෙක බැගින් සිදුව තිබෙනවා.
එසේම මැයි මස 27 වනදා මරණ 6ක්ද 28 වනදා මරණ 9ක් 29 වනදා මරණ 6ක් 30 වනදා එක් මරණ 6ක් ද වාර්තා වනවා.
ඒ අනුව ඊයේ(31) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ අතර කාන්තාවන් 23 දෙනෙක් වනවා.
ඒ අතර රත්තොට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්ද කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ උහුමීය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
රත්තොට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණිය පසුගිය 27 වැනිදා සිය නිවසේදීම මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ඩවුන්සුසින්ඩ්‍රෝමයයි.
ඊයේ(31) දිනයේ ප්‍රකාශයට පත් කරන ලද මරණ පිළිබඳ සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.
Hits: 2