නාඋල – අඹන වෙල්යායේ ගොවින්ට පොලිසියෙන් අවවාද

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 8

පසුගිය දින කිහිපයේ කෝවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ නාඋල – අඹන මහ වෙල්යාය පිහිටි සේනාගම ග්‍රාම නිලධාරි වසමේ ගොවීන්ට පොලිසියෙන් දැඩි අවවාද ලබාදුන් බව නාඋල පොලිසිය පවසනවා.

විශේෂයෙන් බතල වගා කටයුතු සඳහා අඹන වෙල් යායට පිරිස් වශයෙන් පැමිණිණෙන පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අදාළ අවවාදයන් සිදුකර නිවෙස්වලට පිටත් කර යැව් බවයි නාඋල පොලිසිය කියා සිටියේ.

සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ නොමැතිව වගා කටයුතු සඳහා සම්බන්ධවීම් වාර්තාවීම සම්බන්ධයෙන් නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.ජී.පී.කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් නාඋල පොලිස් බලප්‍රදේශයේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි රාජකාරියේ යොදවා ඇති බවද අප කළ විමසීමක දී ස්ථානාධිපති වරයා කියා සිටියා.

ජනතාව කොවිඩ් වසංගත තත්ත්වයෙන් මුදවාගනු පිණිස තවදුරටත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සෙසු රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධව සිදුකරමින්  සිටින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

You might also like
Comments
Loading...