සබරගමුව පළාත් වාහන හිමියන්ට දැනුම්දීමක්

0 8

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම තවදුරටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ පවතින කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානයක් ලෙස ආදායම් බලපත් නිකුත් කිරීමේ අංශය දැක ගත හැකි බවයි.

එහෙයින් සබරගමු පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය, සබරගමු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත් නිකුත් කරනු ලබන අංශයන් අද(01) සිට 30 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

එසේම එම කාල වකවානුවද ඇතුළුව ජුලි මස 31 වන දින දක්වාම දඩ මුදලකින් තොරව ආදායම් බලපත් නිකුත් කිරීමටත් තීරණය කර ඇති බව නිවේදනයේ සඳහන්.

පළාත් ප්‍රධාන ලේකම් එම්.ඩී. රංජනී ජයකොඩි මහත්මිය විසින් නිකුත් කරන ලද එම නිවේදනය පහතින් දැක්වේ.

 

You might also like
Comments
Loading...