සැඟවූ රසායනික පොහොර වෙළෙඳ පොළට නිකුත් කරන්න

රජය වෙළෙඳුන්ට කියයි

0 7

හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක භාවිතය හා ආනයනය නතර කිරීමට රජය තීරණ කිරීමෙන් පසු ඇතැම් පොහොර වෙළෙඳුන් දැනටමත් ආනයනය කර ඇති රසායනික පොහොර තොග සැඟවීමට පටන් ගෙන ඇති බව වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පසුව අධික මිලට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස පොහොර සඟවන බවයි.

එහෙත 2021 වසර රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර නොලැබෙන බවත් එබැවින් පොහොර සඟවා තබා ගැනීම පළක් නොවන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

එම නිසා සඟවා තබාගෙන සිටින පොහොර තොග වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස රජය පොහොර වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනවා.

You might also like
Comments
Loading...