මිලියන 8කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් අල්ලයි

0 16

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු මුහුදේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කේරල ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සමග ඩිංගි යාත්‍රාවක්  සහ සැකකරුවන් දෙදෙනෙකු ඊ‍යේ(01)  දින නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය ඊයේ (01) දින පස්වරුවේ මන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී ගොඩබිම දෙසට යාත්‍රා කල සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහි උර දෙකක් තුල පාර්සල් 14ක අසුරා තිබු කේරළ ගංජා කිලෝ 29යි ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සමග එම ඩිංගි යාත්‍රා‍ව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 8 කට අධික වෙතැයි විශ්වාස කරන බවයි නාවික  හමුදාව පවසන්නේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති බවද නාවික හමුදාව කියා සිටියා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සදහා ත‍ලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නාවික  හමුදාව කටයුතු කරන තිබෙනවා.

You might also like
Comments
Loading...