ගෙවී ගිය පැය 24 වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහින්

0 127

කොවිඩ් 19 ආසාදිතයන් 2877 දෙනෙක් අද(02) උදෑසන 6 පමණ වන විට අලුතින් හඳුනා ගැනුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එලෙස තහවුරු කර ගන්නා ලද පිරිස අතරින් 31 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් බවත් තවත් එක් අයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය ජාතිකයෙකු බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෙසු පුද්ගලයන් 2845 දෙනා දේශීයව තහවුරු කර ගත් ආසාදිතයන් වනවා.

එලෙස දේශීය හඳුනාගත් නව ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 654ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 646ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 281ක් වාර්තා වනවා.

සෙසු ආසාදිතයන් 1,264 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වනවා.

ඒ අනුව අද(02) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 189,241ක් වනවා.

ඉන් 91,964 දෙනෙක් වාර්තා වන්නේ අවුරුදු සමයෙන් පසුව බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
මේ අතර අද(02) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළදී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යසථාන තුළින් පුද්ලයින් 1,631 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 ආසාදිතව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 153,371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ(02) දිනයේදී මෙරට කොවිඩ් මරණ 43ක් ප්‍රකාශයට පත් කිරීමත් සමගින් මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පැය 24ක කාලය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයකු මියගොස් ඇති බවත් මැයි 20 වැනිදා සිට මැයි 31 වනදා දක්වා තවත් මරණ 42ක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 20, 21 සහ 23 වන දිනයන්හි එක් මරණයක් බැගින්ද, මැයි 25 සහ 26 වනදා මරණ දෙක බැගින්ද මැයි 27 වනදා මරණ තුනක්ද වාර්තා වනවා.

එසේම මැයි 28 වනදා මරණ හයක්ද මැයි 29 වනදා මරණ 9ක්ද මැයි 30 වනදා මරණ 15ක් සහ මැයි 31 වනදා මරණ දෙකක්ද වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙලෙස මියගිය පිරිසෙන් 12 දෙනෙක් කාන්තාවන් වන අතර 31 දෙනෙක් පිරිමි පුද්ගලයන් වනවා.

එසේම වයස අවුරුදු 20ත් 39ත් අතර දෙදෙනකුද එම මරණ අතර වනවා.

එසේම මින් 7 දෙනෙක් නිවසේදීම මියගොස් ඇති අතර සෙසු 36 දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 52ක් තුළ පුද්ගලයන් 3450 දෙනෙක් නිරෝධායනය වෙමින් පවතින අතර අද(02) උදෑසන 6 දක්වා වූ පැය 24 ක කාලය තුළදී නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 499 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

You might also like
Comments
Loading...