සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 17 දෙනෙක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 11

තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනට යාබදව පිහිටි සෙන් කුම්බ්ස් වතු යායෙන් නව ආසාදිතයන් 17 දෙනෙකු ඊයේ (01) දින හදුනාගත් බවත් ඒ අනුව එම වතු යායෙන් අසාදිතයන් 55 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පවසනවා.

එම වතු යායේ පෙර ආසාදිතයන් ආශ්‍රිතයන්ගේ සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ අනුව නව ආසාදිතයන් 17 දෙනා හදුනාගත් බවත්, එම ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

එම වතු යායේ ඉහල කොටසින් ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හමුවන නිසා එම වතු යාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගෙන ඇති බවයි ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...