යතුරු පැදි කොල්ලකරුවෙක් බඩුත් එක්කම මාට්ටු

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 16

මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී යතුරුපැදි කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සොරාගත් යතුරු පැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයකු වන අතර සැකකරු සහ යතුරුපැදිය ඉදිරි විමර්ශන සදහා ඌව කුඩාඔය පොලිසිය වෙත භාර දී ඇත.

එම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අද (2) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...