හැටන් ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 20 දෙනෙක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 13

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බලප්‍රදේශයෙන් අද (02) දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 20 දෙනෙකු පමණ හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළා.

හැටන් නගරය, හැටන් පැන්මුර් වතුයාය, හැටන් රොතැස් වතුයාය, හැටන් ආරියගම, දික්ඔය වත්ත පහල කොටසින් මෙම ආසාදිතයන් 20 දෙනා හදුනාගත් බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

හදුනාගත් නව ආසාදිතයන් 20 දෙනා අතර වැඩි පිරිසක් වතු ආශ්‍රිත එකම පවුලේ සමාජිකයන් බවත්, එම අසාදිතයන් 20 දෙනාගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසුවා.

You might also like
Comments
Loading...