ඇගළුම්හල් සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ටත් සහන මළු ඕනෑ

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 7

කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රුපියල් පන් දහසේ සහන බඩු මළු ලබාදීමේ වැඩපිළිවෙලේදී ඇඟළුම් කර්මාන්තයේ නිරත පුද්ගලයින්ට සහ රැකියා අහිමි පෞද්ගලික අංශයේ පිරිස් සඳහා ද සහන සලසන්නැයි ඉල්ලීම් කරති.

රජය මගින් ක්‍රියාවට නංවා ඇති සහන බඩු මළු ලබාදීමේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශිය ලේකම්වරුන්ට නිකුත් කර ඇති විශේෂ චක්‍රල්ඛයට අනුව කෝවිඩ් වෛරස් තත්ත්වය හමුවේ අසරණභාවයට පත්ව සිටින පවුල් සදහා රුපියල් 5000 ක් වටිනා බඩු මළු ලබාදීමේ කටයුතු ක්‍රියාත්මකව පවතිනවා.

නිකුත්කර ඇති චක්‍රලේඛයට අනුව මෙම සහන මළු රාජ්‍ය සේවයේ නිරත, විශ්‍රාමික සහ ඇගළුම් සේවකයින්ට බඩු මලු ලබාදීමක් සිදුවන්නෙ නැහැ.

පවත්නා වසංගත තත්ත්වය හමුවේ සමාජයේ සියළු ස්ථරයන්ට බලපෑම් සිදුව ඇති බව කියා සිටින පිරිස් අවධාරණය කරනු ලබන්නේ මෙවැනි අවස්ථාවක වර්ග කිරිමකින් තොරව අසරණ තත්ත්වයට පත්ව ඇති සියළු දෙනාට රජයේ සහන ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවයි.

සහන මළු ලබාදීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ රජය මගින් නිකුත් කර ඇති චක්‍රෙල්ඛයන්ට අනුකූලව බඩු මළු ලබාදීම සිදුකරන බවයි.

කෙසේ වෙතත් සාධාරණ හේතුන් මත භාණ්ඩ ලබාදීමට සුදුසු සමාජයේ විවිධ පුද්ලගලයින්ගේ අභියාචනා සැලකිල්ලට ගනිමින් ඔවුන් සදහා ද සහන මළු ලබාදීමට කටයුතු කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

You might also like
Comments
Loading...