කෝවිඩ් මැදත් වනඅලි පලවා හරින මෙහෙයුම් අඛණ්ඩව

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 8

මාතලේ දිස්ත්‍රික්කයේ පවත්නා අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද වන අලි පලවා හරින මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

කලක් තිස්සේ පවතින මාතලේ වනඅලි ගැටළුව සඳහා වගා බිම්වලට පැමිණෙන වන අලින් පලවා හැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාතලේ – රජ්ගම්මන වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක පී.එම්.බි. විජේකෝන් මහතා කියා මේ බව කියා සිටියා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විජේකෝන් මහතා කියා සිටියේ පසුගිය සමයට සාපේකෂව වනඅලින් ගම් වැදීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ වගා කටයුතුවලට ගොවින්ගේ සහභාගීවීමේ අඩුවීම් හේතුවෙන් වන අලින්ද ගම් වැදීම අඩුවි ඇති බවයි.

කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික්කයේ කලක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි වැට සක්‍රීය තත්ත්වයට පත්කිරීම සිදුකල යුතු බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුවී ඇති බවද ඔහු කියා සිටියා.

එහි ප්‍රතිඑලයක් ලෙස අලි වැටේ ආරක්ෂාව සඳහා ඉදිරියේ දී බඳවා ගන්නා බහුකාර්ය සේවා නිලධාරින් හරහා මාතලේ දිස්ත්‍රික්කයේ වන අලි ගැටළුවට විසඳුම් ලැබෙනු ඇතැයි විජේකෝන් මහතා විශ්වාසය පල කරනවා.

You might also like
Comments
Loading...