නිවසේ සිදුවූ දරු උපතකදී දරුවෙකු ජිවිතක්ෂයට පත්වීම වසන් කළ මවක හා පියෙකු අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 6

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සිදුවු දරු උපතකදී දරු ගැබ ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් වසන්  කළ බව කියන මවක් හා පියෙකු ඊයේ(01) අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පසුගිය 23 වැනිදා හෝ ආසන්න දිනකදී නිවසේදී සිදුවු දරු උපතකදී අදාළ කළලය ජිවිතක්ෂයට පත්වීම වසන් කළ යුවළක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

නිවස තුළදී දරු උපත සිදුවීමෙන් අනතුරුව දරුවාගේ කළලයට ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, අනතුරුව අදාළ කාන්තාවට හටගත් අධික රුධිර වහනයක් හේතුවෙන් කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කොට සිටි බවත් පොලිසිය කියා සිටියා.

යාපනය රෝහලට ඇතුළත් කළ කාන්තාව රෝහලට ඇතුළත් කිරීමේදී සත්‍ය වසන් කොට ඇති අතර, අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂයන්හිදි අදාළ කාන්තාවට දරුවෙකු ප්‍රසූත වි ඇති බවට අනාවරණය වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ දරු ප්‍රසූතියේදී දරු ගැබ ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීම හා සත්‍ය තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන්  වයස අවුරුදු 34 ක් වන සැකකාර දෙමපියන් අත්අඩංගුවට ගෙන යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සැකකරුවන් එළැඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

 

You might also like
Comments
Loading...