ඕස්ට්රේලියාවෙව් මෙල්බර්න් නගරයට පනවා ඇති සංචරණ සීමා තත්ත්වය තවත් දින 07කින් දීර්ඝ කර තිබෙනවා.
මේ අනුව හෙට(03) වනදා රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතව තිබූ සංචරණ සීමා තත්ත්වය ලබන 10 වනදා රාත්‍රී 12 දක්වා දීර්ඝ කෙරෙනවා.
මෙල්බර්න් නගරයෙන් පසුගිය දින 07 තුළදී හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 60ක්.
කෙසේ වෙතත් පැවැති දැඩි සීමා කිහිපයක් ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
ඒ අනුව වෙළඳසැල් වෙත යාම සඳහා සහ ශරීර සුවතා සඳහා මෙතෙක් පැවති කිලෝමීටර් 05 දුර ප්‍රමාණය කිලෝමීටර් 10 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.
විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පැවති සීමා කිහිපයක්ද ලිහිල් කර ඇති බවද බළධාරීන් සඳහන් කළ බවයි එරට මාධ්‍ය අනාවරණ කරන්නේ.
Hits: 1