චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 13ක් අත්අඩංගුවට

0 23

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගිය 30 වනදා රාත්‍රී කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව මත චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි නමැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන ඉදිරිපත් කළ බවත් ඊයේ(01) දිනයේදී ඊට සම්බන්ධ තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් අද(02) දිනයේදී තවත් හත් දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි හැරුණු විට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 13 දෙනෙක්. 

ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් වනවා. 

අදාළ සැකකරුවන් අතරින් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි යන දෙදෙනා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබාදෙනු ලැබුවා. 

කෙසේ වෙතත් ඊයේ(01) දිනයේදී අත්අඩංගුවට ගැනුණු හය දෙනා සහ අද(02) දිනයේ අත්අඩංගුවට ගැනුණු 7 ඇතුළු 13 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ. 

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. 

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 13ක් අත්අඩංගුවට

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාර්ග නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් නිරූපණ උපදේශක චන්දිමාල් ජයසිංහගේ රියදුරු සහ වාහනය අද(02) දිනයේදී පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

කෙසේවෙතත් රියදුරු විසින් වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණය ඔහුට රුපියල් 12500ක දඩමුදලක් නියම කල බවයි පොලීසිය සදහන් කලේ.

You might also like
Comments
Loading...