සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

0 55

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිට පෙර වත්මන් සංචරණ සීමාවන් ජුනි මස 07 වෙනිදා අලුයම 4.00ට ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. 

You might also like
Comments
Loading...