එකම පවුලේ 11 දෙනෙකුට ඇතුළුව පුද්ගලයන් 28 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද(03) උදෑසන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන්ගෙන් අනාවරණ වූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවකයෙන් කියා සිටියා.
මෙම ආසාදිතයන් 28 දෙනා කොටගල නගරය ආසාදිතයන් 05ක්, හැරින්ටන් වතුයාය ආසාදිතයන් 04ක්, ෆොරස්ට් කුවික් වතුයාය ආසාදිතයන් 11ක්, මවුන්ට් වර්නන් වතුයායෙන් ආසාදිතයන් 06ක් ස්ටෝනි ක්ල්ප් වතුයායෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.
කුවික් වතුයායෙන් හමුවු ආසාදිතයන් 11 දෙනාම එකම පවුලේ අය බවත් කොටගල නගරයේ හමුවු ආසාදිතයන් 05 දෙනාද එම පවුලේ අය බවත් එම පවුලේ අවුරුදු දෙකක පමණ ගැහැනු දරුවකුද සිටින බවත් එම නිලධාරියා පවසනවා.
මෙම ආසාදිතයන් සියලුම දෙනා මෙයට පෙර මෙම ප්‍රදේශවලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන පි.සි.ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි.සි.ආර්. පරික්ෂාවන්ට ලක්කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසා සිටියා.
Hits: 3